brand logo

බැංකු රැසක් සම්පූර්ණයෙන් වසයි

07 June 2021

මෙරට ප්‍රධාන පෙළේ පුද්ගලික වාණිජ බැංකු කිහිපයක් අද (07) දිනයේ සිට සතියක කාලයක් පුරාවට සාමාන්‍ය බැංකු සේවා සඳහා තම සියලුම ශාඛාවන් වසා තබන බව දැනුම් දී තිබේ. එම බැංකු ඔවුන්ගේ නිල ෆේස්බුක් ගිණුම් ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර සිටියි. රට තුළ පනවා ඇති සංචරණ සීමාවන් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව අදාළ බැංකු විසින් වැඩිදුරටත් සඳහන් කරයි. ඒ් අනුව කොමර්ෂල්, සම්පත්, සෙලාන්, DFCC , නේෂන්ස් ට්‍රස්ට්, අමානා, යූනියන් බැංකුව මෙලෙස සතිය පුරාවටම සිය ශාඛා ජාලය වසා තබන බවට දැනුම් දී සිටින අතර හැටන් නැෂනල් බැංකුව හෙට සහ අනිද්දා දිනයන් හිදී සිය ශාඛාවන් වසා තබන බව පවසයි. ගනුදෙනු සඳහා සිය ඩිජිටල් බැංකු සේවා යොදා ගන්නා ලෙස මෙම බැංකු වැඩිදුරටත් ඉල්ලා සිටියි.  
 

More News..