brand logo

බැංකු කටයුතු ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

22 March 2020

හෙට දිනය තුල පොලිස් ඇදිරි නීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල පිහිටි බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභි විශේෂිත බැංකු ශාකා අවම වශයෙන් පැය 2 ක් විවෘත කර තබන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව අදාල බැංකුවලින් ඉල්ලීමක් කරයි. මහජනතාවට අත්‍යවශය බැංකු සේවා සැපයීම වෙනුවෙන් මෙම කාලය තුල බැංකු විවෘතව තබන ලෙසයි මහ බැංකුව ඉල්ලා ඇත්තේ. කෙසේවෙතත් හැකි සෑම අවස්ථාවකම ගෙවීම් ඇතුලු බැංකු කටයුතු සඳහා අන්තර්ජාල සේවා භාවිත කරන ලෙසත් මුදල් ගැනීම සඳහා තදබදය අඩු ස්ථානවල පිහිටි ඒ ටී එම් යන්ත්‍ර භාවිත කරන ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම් දෙයි. සේවා ලබා ගැනිම සහ ලබා දීමේදී සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන ලෙස ද මහ බැංකුව සියලු පාර්ශව වලින් ඉල්ලා සිටී
 

More News..