brand logo

බැංකුවක් වහන්න මහා බැංකුව අවසර දෙයි

24 October 2020

ඉන්දියාවේ අයිසීඅයිසීඅයි (ICICI) බැංකුව කළ ඉල්ලීම සලකා බලා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 1988 අංක 30 දරණ බැංකු පනතේ විධිවිධාන ප්‍රකාර ව, ශ්‍රී ලංකාවේ අයිසීඅයිසීඅයි බැංකුවේ ව්‍යාපාර කටයුතු වසා දැමීමට සහ ඒ සදහා නිකුත් කර ඇති බලපත්‍රය අවලංගු කිරීමට නියමයන් හා කොන්දේසි කිහිපයකට යටත් ව අනුමැතිය ලබා දී තිබේ. අයිසීඅයිසීඅයි බැංකුව මුදල් මණ්ඩලය විසින් පනවන ලද නියමයන් හා කොන්දේසිවලට අනුකූල වීම පිළිබඳ ව බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ සෑහීමකට පත්වීමෙන් පසු, බැංකු කටයුතු කරගෙන යෑම සඳහා අයිසීඅයිසීඅයි බැංකුව වෙත නිකුත් කරන ලද බලපත්‍රය 2020 ඔක්තෝබර් 23 දින සිට අවලංගු වේ.
 

More News..