brand logo

බාස්මතී තීරුබදු සහනයට මුවා වී සමාගම් තුනක් සුදු සහල් ගෙන්වා මිලියන 275 ක වංචාවක් කරලා

22 February 2020

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පවතින වෙළෙඳ සහයෝගිතා ගිවිසුමේ ඇතුළත් තීරුබදු සහන උපයෝගී කරගනිමින් මෙරට සහල් ආනයනය කොට රේගුවට රුපියල් මිලියන 275 ක තීරුබදු වංචාවක් සිදු කිරීම පිළිබඳ ලැබී ඇති පැමිණිල්ලට අගමැතිවරයාගේ අවධානය යොමු වී තිබේ.

ඇගමැති මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යොමුකරමින් පැමිණිලි පාර්ශ්වය විසින් පෙන්වා දී ඇත්තේ ගුණසිංහපුරකොළඹ-12 ප්‍රදේශයේ ලියාපදිංචි වෙළෙඳ සමිතියක්පෞද්ගලික සමාගම් දෙකක් අදාළ වංචාව සිදුකර ඇති බවය. ඒ අනුව එක සමාගමකින් තොග පහක් වශයෙන්දඅනෙක් පෞද්ගලික සමාගම් දෙක එක් තොගය බැගින්ද පාකිස්තානයේ සිට සහල් මෙට්‍රික් ටොන් තුන්දහස් දෙසීය තිස්තුනක් මෙරටට ගෙන්වා ඇත.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඇති වෙළෙඳ සහයෝගිතා ගිවිසුමට අනුව පාකිස්තානයෙන් බාස්මතී සහල් ටොන් හයදහසක් මෙරටට ආනයන කිරීමට තීරුබදු සහන ලබා දී ඇත. එම සහනය උපයෝගී කර ගනිමින් අදාළ ආයතනය විසින් පාකිස්තානයේ සමාගමකින් මෙලෙස මෙරටට සුදු සහල් ආනයනය කර තිබේ.

2019 දෙසැම්බර් 05, 16, 20 හා 29 යන දිනයන්හි දී සහ 2020 ජනවාරි 02 දිනදී මෙම සහල් තොග ආනයනය කර ඇත.

ශ්‍රී ලංකා රේගුව විසින් මෙම සහල් තොග අඩංගු බහාළුම් (කන්ටේනර්) පරීක්ෂා කිරීමේදී අදාළ තීරුබදු වංචාව අනාවරණය වී ඇති අතර මේ වන විට එම සහල් තොග රේගුව භාරයේ පවතී.

නයන තරංග ගමගේ

 

More News..