brand logo

බාස්මතී කියලා ගෙන්වූ සහල් ටොන් 6000ක් වරායේ

20 September 2020

  ශ්‍රී ලංකා - පාකිස්තාන නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ 2019 වසරේ ගෙන්වන ලද බාස්මතී සහල් මෙට්‍රික් ටොන් 6000ක් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය වෙළෙඳ අමාත්‍යාංශයට දැනුම් දී තිබේ. මෙම සහල් තොගය පිළිබඳ ගැටලුවක් නිර්මාණය වූ බැවින් සාම්පල පරීක්ෂාව සඳහා ඉන්දියාවේ පර්‌යේෂණාගාරයකට යොමු කර ඇත. බාස්මතී සහල් ලෙස හඳුන්වමින් වෙනත් සහල් තොගයක් ගෙන්වා ඇති බව හඳුනා ගැනීම නිසා මෙලෙස සාම්පල පරීක්ෂාවක් සිදු කරයි. එම සාම්පල පරීක්ෂණ වාර්තා මෙතෙක් ලැබී නොමැත. කෙසේ වෙතත් ඉදිරියේ දී පාකිස්තානයෙන් ආනයනය කරන සහල් මෙට්‍රික් ටොන් 6000 රජයේ මැදිහත් වීමෙන් පමණක් මෙරටට ගෙන්වීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන තීරණය කර ඇත. තවද එලෙස ගෙන්වන සහල් ස.තො.ස. රජයේ වාණිජ නීතිගත සංස්ථාව හරහා ආනයනය කර වෙළෙඳපොළට මුදා හැරීමට පියවර ගැනීමටද නියමිතය.
 

More News..