brand logo

බාලිකාවියන් බලන්න ගිය කොළඹ කොල්ලෝ විස්සක් මාට්ටු

03 March 2020

කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසල් දෙකකට බලහත්කාරයෙන් ඇතුලුවීමට උත්සාහ කළ කොළඹ ප්‍රධාන පිරිමි පාසලක සිසුන් 20 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිඛේ. පොලිසිය පැවසුවේ අදාල පිරිමි පාලසේ සිසුන් අද උදාසන බාලික පාසල් ආසන්නයේ කණ්ඩායම් ලෙස රැදී සිටි බවයි. පසුව ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කිරිමට කොල්ලුපිටිය සහ කුරුදුවත්ත පොලිසිය එක්ව කටයුතු කර තිබුණා. කෙසේවෙතත් මෙහිදී බලහත්කාරි ලෙස බාලික පාසල් දෙකට ඇතුලු වීමට උත්සහ කළ සිසුන් 20 දෙනෙකු සිය භාරයට ගැනිමට පියවර ගත් බව පොලිසිය සඳහන් කළා. ඔවුන්ට දැඩිව අවවාද කර පිටත් කර හරින බවයි පොලිස් මාධ්‍ය එකකය සඳහන් කළේ. මේ දිනවල පැවැත්වෙන අන්තර් පාසල් මහා ක්‍රීකට් තරග පැවැත්වෙනවා. ඊට සමගාමිව විවිධ රථ පෙළපාලි ද සංවිධාන කර ඇති අතර පසුගියදා එවැනි රථවාහන පෙළපාලියකදී සිදුවු රිය අනතුරක් පිළිබදව ද සමාජ මාධ්‍ය තුල හුවමාරු වී තිබුණා.
 

More News..