brand logo

බ්‍රිතාන්‍ය රැජින කොවිඩ් එන්නත විදගනී

11 January 2021

    මහා බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින සහ ඇගේ සැමියා වන පිලිප් කුමරුට පසුගිය සෙනසුරාදා කොවිඩ් 19 වයිරසයට එරෙහි එන්නත ලබා දුන් බව බකිංහැම් මාලිගාවේ නිලධාරීන් නිවේදනයක් නිකුත් කරමින් මාධ්‍යයට කියා තිබේ. රැජින හෝ ඇගේ සැමියා ගැන හෝ රජ පවුලේ සාමාජිකයන් පිළිබඳ මාධ්‍යයට තොරතුරු දෙන්නේ ඉතා කලාතුරකින් වුවත් වැරදි ප්‍රචාර සමාජගත වීම වැළැක්වීම සඳහා මෙම හෙළිදරව්ව කළ බව බකිංහැම් මාලිගා ප්‍රකාශකයන් වැඩිදුරටත් කියා තිබේ. රාජකීය පවුලේ කිසිම සාමාජිකයකුට මෙතෙක් වයිරසය ආසාදනය වී නැති අතර රාජකීය යුවළ එන්නත් කරගත්තේ කුමන එන්නතද යන්න ගැන සඳහන් කර නොතිබිණි. වසන්ත විජේරත්න
 

More News..