brand logo

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු නියෝජිතයින් වවුනියාවේ සංචාරයක

05 January 2019

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඊයේ(04) වවුනියාවේ සංචාරයක නිරතවිණ. වවුනියාව ඇතුළු උතුරු පළාතේ වර්තමාන තත්වය නිරීක්ෂණය කිරීම වෙනුවෙන් අදාළ පිරිස පැමිණ සිටි අතර,පැමිණි නියෝජිතයින් වවුනියාව දිස්ත්‍රික් ලේකම් අයි.එම්.හනීෆා මහතා සමඟ උතුරු පළාතේ වර්තමාන තත්වය සම්බන්ධයෙන් සාකච්ජාවක් පැවැත්වූහ. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු නියෝජිත විලියම් ටාර්ටුවත් මහතා හා ජියෝප්‍රන් ඕට්‍රන් මහතා ඇතුළු නියෝජිතයින් වවුනියාව සිදම්බරනගර් ප්‍රදේශයේ යුද්ධයෙන් අවතැන් ජනතාව පදිංචිවී සිටින අයුරු නිරීක්ෂණයටද එක්විණ. යුද්ධයෙන් අනතුරුව උතුරු පළාතේ නැවත පදිංචිවූවන්ගේ තත්වය නිරීක්ෂණය හා පශ්චාත් යුධ සමයේ මෙරට ක්‍රියාකාරකම් නිරීක්ෂණය අදාළ පිරිසගේ අරමුණ වි තිබිණ. බ්‍රිතාන්‍ය රජයේ අධාර යටතේ යුද්ධයෙන් අවතැන්ව නැවත පදිංචිවූවන්ගේ ජන ජිවිත යථා තත්වයට පත්කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක අතර,අදාළ වැඩසටහන්වල ප්‍රගතිය නිරීක්ෂණය කිරීමද අදාළ නියෝජිතයින් සිදුකරනු ලැබීය. සාකච්ජාවන් වෙනුවෙන් වවුනියාව ප්‍රාදේශීය ලේකම්වරුන්,වවුනියාව රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..