brand logo

බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාවේ සිටින ලාංකිකයන් දිවයිනට ගෙන්වා ගැනීමට වි⁣ශේෂ ගුවන් යානා

02 May 2020

බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාවේ සිට දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් වි⁣ශේෂ ගුවන් යානා කිහිපයක් යොදවා ඇත. ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කළේ මැයි මස 3, 4, සහ 5 දිනවල මෙම වි⁣ශේෂ ගුවන් යානා යෙදවීමට නියමිත බවයි. ඒ අනුව එම ගුවන් යානා එම දිනවල උදෑසන 9.30 ට හීත්‍රෝ ගුවන් තොටුපළෙන් පිටත්වී , පසුදින මධ්‍යම රාත්‍රී 12.45 ට මෙම ගුවන් යානා කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය එසේම ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිටින ශ්‍රී ලාංකික සිසුන් රැගෙන මැයි මස 08 වැනි දින උදෑසන 8.15 ට එම ගුවන් තොටුපළෙන් පිටත් වන ශ්‍රී ලන්කන් ගුවන් යානය එදිනම දහවල් 2.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතයි.
 

More News..