brand logo

බ්‍රැන්ඩික්ස් සේවකයන් සමඟ කතරගම ගිය අයෙක්ට කොවිඩ්

12 October 2020

ගම්පොළ, කුරුඳුවත්ත, උඩගල්පාය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයකුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී තිබේ. ඒ ඔහු ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදීය. ඒ අනුව එම රෝහලේ ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරයකු සහ හෙදියන් දෙදෙනකු සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ අයකු නිරෝධායනය කර තිබේ. මොහු බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයන් සමග කතරගම ගොස් ඇති අතර ඉන් අනතුරුව ඔහුටද වයිරසය ආසාදනය වී තිබේ. මොහුගේ ආශ්‍රිතයන් 16ක් නිරෝධායනය කර ඇත. ඔහු රෝහල්ගත වීමට පෙර සැලෝන් එකකින් රැවුල කපා ඇති අතර එහි හිමිකරු ගමේ විහාරස්ථානය සමග සබඳකම් පැවැත්වූ අයෙකි. ඒ අනුව විහාරාධිපති හිමිනම ඇතුළුව තවත් දෙනමක්ද නිරෝධායනය කොට තිබේ.
 

More News..