brand logo

බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර ගැන නීතිපති වාර්තාවක් ඉල්ලයි

27 October 2020

බ්‍රැන්ඩික්ස් 'කොවිඩ් පොකුර සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අවදානය යොමු ව ඇත. ඒ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කලේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර මූලික ප්‍රගති වාර්තාවක් සති දෙකක් ඇතුළත නීතිපතිවරයාට ඉදිරිපත් කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන් බව වාර්තාවේ. වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය.. “බ්‍රැන්ඩික්ස් කොවිඩ් -19 වසංගත පොකුර නිසා මිනිස් ජීවිතයට සිදුවී ඇති අන්තරාදායක තත්ත්වය සම්බන්ධයෙන් ගරු නීතිපතිතුමාගේ අවදානය යොමු වුණා. ඒ අනුව අද දින නියෝජ්‍ය පොලිස්පති නීති කොට්ඨාසය අජිත් රෝහණ සමග ගරු නීතිපතිතුමා විසින් සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූවා. අදාළ උපදෙස් ද ලබාදීමක් සිදුකළා. බ්‍රැන්ඩික්ස් කොවිඩ් -19 වසංගත තත්ත්වය පැතිරයාමට එම ආයතනය පාලකයින්ගේ නියෝජිතයින්ගේ සෘජු නොසැලකිල්ල හෝ අපරික්ෂාකාරීත්වය හෝ රජයේ නිලධාරියෙකුගේ හෝ නිලධාරීන්ගේ නොසැලකිල්ල හෝ අපරික්ෂාකාරීත්වය කවර ආකාරයකින් දායක වී ඇත්තේ දැයි යන්න සම්බන්ධයෙන් අවදානය යොමුකළ යුතු බවට ගරු නීතිපතිතුමා විසින් උපදෙස් ලබාදීමක් සිදුකළා. එසේම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 393 2වගන්තිය ප්‍රකාරව ගරු නීතිපතිතුමා වෙත පැවරී ඇති බලතල අනුව වහාම අපරාධ විමර්ශනයක් ආරම්භ ලෙසට උපදෙස් ලබාදුන්නා. දණ්ඩනීති සංග්‍රහයේ වරදවල් හෝ නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත යටතේ වරදවල් අනාවරණය වන්නේද යන්න සොයා බලා වාර්තාකරන ලෙසටත් දැන්නුවා. එසේම ඉහත කාරණා විමර්ශනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත පළපුරුදු විමර්ශන කාණ්ඩායමක් තෝරා පත්කරගන්නා ලෙසටත් ගරු නීතිපතිතුමා උපදෙස් ලබාදුන්නා. ඒ සම්බන්ධයෙන් මූලික ප්‍රගති වාර්තාවක් නොවැම්බර් මස 13 වන දිනට පෙර ගරු නීතිපතිතුමාට ලබා දෙන ලෙසට වැඩබලන පොලිස්පතිවරයාට ගරු නීතිපතිතුමා විසින් අද දින ලිඛිත උපදෙස් දීමක් සිදුකළා.“
 

More News..