brand logo

බ්‍රැන්ඩික්ස් ඉන්දියාවෙන් ලංකාවට කොරෝනා ගෙනාවේ නැතැයි ඔප්පු කරන්න ලු

07 October 2020

රට තුළ දෙවැනි කෝවිඩ් රැල්ලක් මතු කරමින් කෝවිඩ් ආසදිතයින් පොකුරක් මතු වූ බ්‍රැන්ඩික්ස් ආයතනය පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලානාත්මක තොරතුරු සමූහයක් සංසරණය වෙමින් පවති. වට්ස් ඇප් ඔස්සේ සංසරණය වන එක්තරා ප්‍රශ්නාවලියක් මගින් බ්‍රැන්ඩික්ස් සමූහයට ප්‍රශ්න 7ක් ඉදිරිපත් කර ඇත. පළමු ආසාදිතයා හමු වූ අවස්ථාවේදී බ්‍රැඩික්ස් ආයතනය මගින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළාක් මෙන් මෙම ප්‍රශ්නාවලියට ද පිළිතුරු ලබා දී තමන්ගේ නිවැරදිභාවය සනාත කරන මෙන් ඒ මගින් ඉල්ලා ඇත. බ්‍රැන්ඩික්ස් කම්හල්වල ට ලැබී තිබුණු දරාගත නොහැකි තරම් වූ ඇනවුම් සකස් කිරීම සඳහා බ්‍රැන්ඩික්ස් සමූහයට අයත් ඉන්දියානු කම්හල් වලින් මෙරටට සේවකයින් ගෙන් වූ බවත් ඒ ගෙන්වීමේදී නිරෝධායන කටයුතු රජයට බරක් නොවී තමන් විසින්ම සිදු කරන බවට බ්‍රැන්ඩික්ස් සමූහය පොරොන්දු වුවත් ශ්‍රී ලංකාවේ නිරෝධායන නීති කඩ කරමින් අදාල පිරිස් දින 7ක් පමණක් නිරෝධායනය කර සමාජයට මුදා හැර ඇති බවත් මේ චෝදනා අතර වේ. මේ සම්බන්ධයෙන් අප බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශයකු සඳහාන් කළේ මෙම ප්‍රශ්නාවලියට අද දිනය ඇතුළත ඔවුන් පිළිතුරු ලබා දෙන බවයි. මේ සම්බන්ධයෙන් බ්‍රැන්ඩික්ස් ආයතනය ලබා දෙන පිළිතුරු බලාපොරොත්තු වන්න.
 

More News..