brand logo

බ්‍රසීලයේ කොරෝනා මරණ තිස්දහස ඉක්මවයි - බ්‍රිතාන්‍යයේ මරණ හතළිස්දහසට ළංවෙයි

02 June 2020

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා වාර්තා වන මරණ සංඛ්‍යාව 377,584 දක්වා ඉහළ ගොස් තිබේ. ලොව පුරා වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 6,373,523ක්. වැඩිම මරණ සංඛ්‍යාව සහ ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. එරට ආසාදිතයින් සංඛ්‍යාව 1,859,361ක් වන අතර, පුද්ගල මරණ සංඛ්‍යාව 106,925ක් වේ. ඇමෙරිකාවට පසුව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 529,405ක්. ඊ‌ට අමතරව රුසියාවෙන් ආසාදිතයින් 414,878ක්, ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 286,718ක්, බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයින් 276,332ක් සහ ඉතාලියෙන් ආසාදිතයින් 233,197ක් වාර්තා වේ. ඇමෙරිකාවට පසුව වැඩිම කොරෝනා පුද්ගල මරණ සංඛ්‍යාව බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 39,045ක්. ඉතාලියෙන් මරණ 33,475ක්, බ්‍රසීලයෙන් මරණ 30,046ක්, ප්‍රංශයෙන් මරණ 28,833ක් සහ ස්පාඤ්ඤයෙන් මරණ 27,127ක් වාර්තා වේ.
 

More News..