brand logo

බ්ලුමැන්ඩල් සංඛගේ ප්‍රධාන ගෝලයින් ඇල්ලු STF මෙහෙයුම

21 February 2020

බ්ලුමැන්ඩල් සංඛ නැමති සංවිධානාත්මක අපරාධකරුගේ කේරළ ගංජා ජාවාරම මෙහෙයවු සැකකරුවන් දෙදෙනෙකු කේරළ ගංජා කිලෝ 5 යි ග්‍රෑම් 5 ක් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (20) මෝදරදී අත්අඩංගුවට ගෙන තිඛේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා 31 - 33 හැවිරිදි මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. ගංජා ප්‍රවාහණයට යොදා ගත් යතුරු පැදියක් ද පොලිස් භාරයට රැගෙන ඇත. විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකක ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උදයංග බණ්ඩාර විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ කේරළ ගංජා තොගය ඉදිරි විමර්ශන සඳහා මෝදර පොලිසිය වෙත භාර දී තිඛේ.   හේමන්ත ලියනපතිරණ
 

More News..