brand logo

බ්ලැක් පැන්තර් මියයයි

29 August 2020

සුපිරි හොලිවුඩ් නළු චැඩ්වික් බෝස්මන් මියගොස් තිබේ. ඔහු මාවල් සුපිරි වීරයකු වන "බ්ලැක් පැන්තර්ගේ" චරිතයට පණ පොවමින් ලොවපුරා ලොකු කුඩා කාගේත් ආදරයට පාත්‍ර විය. මියයන විට ඔහුගේ වයස අවුරුදු 43කි. බෝස්මන් මහා බඩවැලේ ඇතිවූ පිළිකා තත්ත්වයක් හේතුවෙන් වසර ගණනාවක් පීඩා විඳි අයෙකි. පිළිකා තත්ත්වය පිළිබඳව වෛද්‍යවරු අනාවරණය කළේ 2016 වර්ෂයේදීය. වසර 4ක් තිස්සේ බෝස්මන් සිය රෝගී තත්ත්වය සමග නිහඬව සටන් වැදුණු බව ඔහුගේ බිරිඳ පවසයි. බෝස්මන් ලොස් ඇන්ජලීස් නුවර පිහිටි සිය නිවසේ අවසන් සුසුම් හෙළද්දී බිරිඳ සහ පවුලේ සාමාජිකයන් ඔහු අසළ සිටි බව හොලිවුඩ් පුරයෙන් වාර්තා වුණි. 1976 වසරේ නොවැම්බර් 26 වැනි දා උපත ලබා ඇති බෝස්මන් 2003 වසරේදී රංගනයට අත්පොත් තබා ඇත. ඒ රූපවාහිනී නළුවෙකු ලෙසිනි. ඔහු රංගන කටයුතුවල නියැලුණේ ද ප්‍රතිකාර ලබාගනිමින් වීම විශේෂත්වයකි. බෝස්මන්, රංගන ශිල්පියෙකු ලෙස සැබෑ චරිත කිහිපයකට පණ පොවා තිබේ.
 

More News..