brand logo

බහලුම් ප්‍රවාහන ගාස්තුත් ඉහළට

15 June 2021

ආනයන සහ අපනයන බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 15කින් වැඩි කිරීමට තීරණය කර තිබේ. සමස්ත ලංකා ඒකාබද්ද බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සහන් මංජුල මහතා පැවසුවේ ජූලි 1 වැනිදා සිට එම ගාස්තු ඉහළ දමන බවයි. රජය මගින් ඔටෝ ඩීසල් ඉන්ධන මිල රුපියල් 7කින් ඉහළ දැමීම හේතුවෙන් මෙම තීරණය ගත් බව සහන් මංජුල මහතා පැවසීය. එමෙන්ම බහලුම් ප්‍රවාහන රථවල අමතර කොටස් සියයට 50කින් ඉහළයාම, ටයර් සහ බැටරි ලිහිසි තෙල් ඉහළයාම හේතුවෙන් මෙම තීරණය ගත බව සමස්ත ලංකා ඒකාබද්ද බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය වැඩිදුරටත් සදහන් කරයි.
 

More News..