brand logo

බස් හිමියන්ට ලක්ෂයක සහන පැකේජයක්

14 October 2021

පෞද්ගලික බස් හිමියන්ට අමාත්‍යංශයෙන් සහනයක්

පෞද්ගලික බස්රථ කර්මාන්තය නැවත නගාසිටුවීම සඳහා සහන පැකේජය ලබාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව, එක් බස්රථ හිමියකු සඳහා රුපියල් ලක්ෂයකට ආසන්න මුදල් වටිනාකමකින් යුත් සහන පැකේජයන් ලබාදීමට නියමිත බව ප්‍රවාහන ආමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. එම වැඩපිළිවෙල යටතේ බස්රථ කර්මාන්තයට සම්බන්ධ පෞද්ගලික ආයතන 06ක් එම සහන පැකේජය ලබාදීමට දායකත්වය ලබාදී ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි. එම පැකේජ යටතේ යළි ප්‍රවාහන සේවාවට යොදවන බස්රථ සඳහා අවශ්‍ය ටයර්, බැටරි, ලිහිසි තෙල් හා අමතර කොටස් සඳහා දැනට වෙළෙඳපොලේ ලබාදෙන වට්ටම්වලට අමතරව විශේෂ වට්ටම් ලබාදීමට එම පෞද්ගලික ආයතන ජාතික ප්‍රවාහන සේවා කොමිෂන් සහාවට එකඟතාවය පළකර ඇති බව වාර්තා වේ. මේ වන විට පළාත් සහ අන්තර් පළාත් පෞද්ගලික බස්රථ 20,000කට ආසන්න සංඛ්‍යාවක් දිවයිනපුරා මගී ප්‍රවාහන සේවාවේ නිරත වේ. මෙම වැඩපිළිවෙල යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් බස්හිමියන් 1916කට හා අන්තර් පළාත් බස්හිමියන් 419 දෙනෙකුට සහන පැකේජ ලබාදීමට ජාතික ගමනා ගමන කොමිසම කටයුතු කර ඇත.
 

More News..