brand logo

බස් රථ අනතුරකින් පාසල් ළමුන් 15ක් රෝහලේ

19 March 2019

කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට දෙහිගහලන්ද ප්‍රදේශයේදී අද උදෑසන 7.30 ට පමණ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක බස් රථයක ගමන් ගත පාසල් ළමුන් 15 ක් පමණ හා ගුරුවරුන් 2 ක් ,දෙමාපියන් දෙදෙනෙකු තුවාල ලබා හම්බන්තොට මහරෝහලට ඇතුලත් කර ඇත. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ විනෝද චාරිකාවක් යමින් සිටි ගාල්ල මහින්ද විද්‍යාලයේ පාසල් සිසුන් රැගත් පෞද්ගලික බස් රථයක් හා ලංගම ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් වන අතර අද උදෑසන 7.30 ට අම්බලන්තොට දෙහිගහලන්ද මහා විද්‍යාලය ඉදිරිපිටදී මාර්ගයේ නවතා තිබු ලංගම බස්රථයක පිටුපසින් පැමිණි පාසල් ළමුන් රැගත් පෞද්ගලික බස්රථය ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.අනතුරින් තුවාල ලැබුවන් ප්‍රදේශවාසීන් හා දෙහිගහලන්ද පාසලේ ගුරුවරුන්ගේ මූලිකත්වයෙන් රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර තුවාල ලැබූ කුඩා පාසල් දරුවන් 15 ක් ගුරුවරුන් දෙදෙනෙක් හා දෙමාපියන් දෙදෙනෙක් මෙලෙස රෝහල් ගත කර තිබිණි. සුළු තුවාල ලබා සිටි අනෙකුත් දරුවන් දෙහිගහලන්ද පාසලේ විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් එක්ව පාසලේ රදවාගෙන ප්‍රතිකාර කටයුතු සිදුකල අතර රෝහල් ගත කල දරුවන් අතරින් දෙදෙනෙකු පමණක් ගැඹුරු තුවාල සහිතව සිටිනා බවත් අනෙකුත් සියලු දෙනා සුළු තුවාල ලබා දැනට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනා බවත් හම්බන්තොට රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්දිය සම්බන්දයෙන් අම්බලන්තොට පොලීසිය වැඩිදුර පරෙක්ෂණ ආරම්භ කර ඇත.
 

More News..