brand logo

බස් රථයක් පෙරළී 19ක් මරුට

03 July 2022

බස් රථ ලිස්සා ප්‍රපාතයකට වැටෙයි

කඳුකර ප්‍රදේශයක ගමන් කළ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවු අනතුරකින් පාකිස්තානයේ පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබේ. අනතුරින් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බස් රථය රාවල්පින්ඩි සිට ක්වෙටා දක්වා ගමන් කරමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇත. වර්ෂාවත් සමග මාර්ගය ලිස්සන සුළු ස්භාවයක් ගෙන ඇති අතර එහිදි බස් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව ප්‍රපාතයට පෙරළී අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
 

More News..