brand logo

බස් රථයක් පෙරලෙයි - 28කට තුවාල

27 June 2019

යටියන්තොට පැළැම්පිටිය වීඔය වත්ත ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලබා ඇත. බස් රථය මීටර් 15ක ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළ අතර තුවාලකරුවෝ කරවනැල්ල රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුලත් කර ඇත. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අනතුරට ලක් වී ඇත්තේ පැළැම්පිටියේ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ ලංගම බස් රථයකි.
 

More News..