brand logo

බස් රථයක් අනතුරට ලක්වෙයි - 13කට තුවාල

22 February 2021

හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල ප්‍රදේශයේ දී අවමගුල් උත්සවයක් සදහා සහභාගී විම සදහා පුද්ගලයින් රැගෙන ධාවනය කරමින් තිබු බස් රථයක් අනතුරට පත්විමෙන් පුද්ගලයින් 13 කු තුවාල ලබා නුවරඑළිය මුලික රෝහලට ඇතුලත් කළ බව නානුඔය පොලිසිය පවසයි. නානුඔය පොලිස් වසමට අයත් හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගය ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුවී තිබේ. අද (22) ප.ව.2.30 ට පමණ මොනරාගල - බිබිල ප්‍රදේශයේ සිට තලවාකැලේ දෙසට ධාවනය වෙමින් තිබු බස්රථය මාර්ගයෙන් ඉවතට පැන පස් කන්දේ ගැටි පෙරලී ගිය බව එහි ගමන් ගනිමින් සිටි පුද්ගලයෙකු පවසයි. අනතුරට පත්වු බස් රථය මාර්ගයේ ධාවනය වෙමින් තිබු ඉන්ධන ප්‍රවාහන බවුසරයකද ගැටි ඇත. අනතුරට පත්වන අවස්ථාවේ පුද්ගලයින් 18 කු බස්රථයේ සිටි බවත් ඔවුන් බිබිල ප්‍රදේශයේ සිට තලවාකැලේ ඥාතියෙකුගේ අවමගුල් උත්සවයක් සදහා සහභාගී වීමට පැමිණෙමින් සිටියදී අනතුරට ලක්ව ඇති බවත් පොලිසිය පවසයි. බස්රථයේ තිරිංග ක්‍රියාත්මක නොවිම නිසා අනතුර සිදුවී ඇති බව මුලික පරික්ෂණ වලින් අනාවරණය වු බව පවසන පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වමින් සිටියී. හැටන් - චන්දන ජයවීර
 

More News..