brand logo

බස් ගාස්තු වැඩි වෙයි ද?

12 June 2021

ඉන්ධන මිළ ඉහල යාමත් සමඟ බස් කර්මාන්තයට බරපතල බලපෑමක් එල්ල වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් බස් රථ ධාවනය නිසි පරිදි සිදු නොවන බැවින් දැනට බස් ගාස්තු වැඩිවීමක් සිදුව නොමැති බවත් ඉදිරියේදී ඔවුන්ට ඒ සඳහා යම් තීරණයක් ගැනීමට ප්‍රමාණවත් කාලයක් ඇති බව ගැමුණු විජේරත්න මහතා පවසයි.   බස් කර්මාන්තයට අදාල සෙසු වෘත්තිය සමිති සමගද සාකච්ඡා කර ගාස්තු සංශෝධනයක් වන්නේද යන්න පිළිබද දැනුම් දෙන බව ඔහු සඳහන් කරයි. මේ වන විට රාජ්‍ය අංශයේ කාර්යාල සේවකයින් ප්‍රවාහනය සඳහා සීමිත බස් රථ ප්‍රමාණයක් යොදා ඇති බැවින් එම ආයතන සමග යම් කිසි තීරණයකට ඉදිරියේදී එළඹීමට නියමිත බවත් සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල ප්‍රවාහන කටයුතුවලට යොදා ඇති බස් රථ සඳහා ඉදිරියේ දී ගනු ලබන කිසිදු තීරණයකින් බලපෑමක් නොවන බව ද ඔහු පැවසීය.
ඉන්ධන මිල ඉහළ යාම පමණක් නොව බස් රථ සඳහා අවශ්‍ය අමතර කොටස්වල මිල ඉහළ යාම, ලිහිසි තෙල්වල මිල 40% කින් ඉහළ යාම සහ අවස්ථා දෙකකදී ටයර් මිල ඉහළ යාම යන කරුණු ද බස් ගාස්තු වැඩිකිරීමක් ඉල්ලීම බලපා ඇතු හේතු බව ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..