brand logo

බස් ගාස්තු වැඩි කරන්නේ නෑ

05 November 2020

බස් ගාස්තු සංශෝධනයක් සිදු කරන ලෙසට බස් සංගම් ඉල්ලීම් කර ඇතත් බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ප්‍රවාහන අමාත්‍යංශයේ අද(05) පැවති මාධ්‍ය හමුවකදී දිලුම් අමුණුගම මහතා මේ බව පැවසීය. බස් සංගම් වල ඉල්ලීම් පිළිබදව එම සංගම් හා සාකච්ඡා කරමින් යම් එකගතාවන් වලට පැමිණ ඇති අතර ඉදිරි සතිය තුල කොවීඩ් ප්‍රවාහන ප්‍රතිපත්ති මාලාවක් සකසන බවත් ⁣දිලුම් අමුණුගම අමාත්‍යවරයා කීවේය. කොවීඩ් ප්‍රවාහන ප්‍රතිපත්තිය අනුව බස්රථ ගාස්තුවෙහි සුළු වෙනසක් සිදුවිය හැකි වුවත් කොවීඩ් තත්වයෙහි තුරන් වීම පිළිබද තහවුරු කළ පසු බස්ගාස්තු යළි පෙර තිබූ අයුරින්ම අය කෙරෙන බවද රාජ්‍ය අමාත්‍යරයා පැවසීය. පවතින තත්වය හමුවේ මගීන් පිළිබදව මෙන්ම බස්රථ හිමියන් පිළිබදව ද සාධාරණ ලෙස විමසිලිමත් විය යුතු බවත්, ඒ අනුව දෙපාර්ශවයම අපහසුතාවයට පත් නොවන ලෙස තීරණ ගත යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසීය. ඇදිරිනීතිය තිබියදීත් බස්රථ හා දුම්රිය ධවනය කරනු ලැබුවේ උසස් පෙළ විභාගය නිසාම බවත් එම විභාගය අවසන් වූ පසු ඇදිරිනීතිය පවතින කාලය තුළ බස්රථ හා දුම්රිය ධාවනය අත්හිටුවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
 

More News..