brand logo

බස්නාහිර සහ වයඹ පාසල් - පෙර පාසල් - පිරිවෙන් වසා දැමේ

26 April 2021

බස්නාහිර සහ වයඹ පලාත්වල සියලු පාසල්, පෙර පාසල් හා පිරිවෙන් අප්‍රේල් 30 වැනිදා දක්වා වසා දැමීමට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා නියෝග කර තිබේ. රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත. මේ අතර රජයේ තීරණය අනුව යමින් බස්නාහිර සහ වයඹ පළාත්වල සියලුම කතෝලික පාසල් ද අප්‍රේල් 30වනදා දක්වා වසා දැමීමට තීරණය කළ බව කොළඹ අගරදගුරු නිල නිවස නිවේදනය කරයි.
 

More News..