brand logo

බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තවදුරටත් අත්හිටුවයි

29 May 2021

බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සදහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ජූනි මස 06 වැනිදා දක්වා අත්හිටුවා තිබේ. ඒ අනුව බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා ආයදායම් බලපත්‍ර නිකුත් කිරීම මැයි මස 28 වන දින දක්වා අත්හිටුවා තිබු අතර එය ජුනි මස 06 දක්වා දීර්ඝ කර ඇත. රට තුළ උද්ගත වී ඇති කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් එම තීරණය ගෙන තිබේ. එම කාලය තුළ කල් ඉකුත්වන ආදායම් බලපත්‍ර නැවත ලබා ගැනීමේ දී 2021.06.30 දින දක්වා දඩ මුදල් අය නොකිරීමට රජය තීරණය ඇත. කෙසේ වෙතත් බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන පළාත් කොමසාරිස් කාර්යල වෙබ් අඩවිය හරහා මාර්ගගත ක්‍රමය යටතේ ආදායම් බලපත්‍ර ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.
 

More News..