brand logo

‘‘බස්නාහිර යකා’’ කොරහ බිඳගෙන යන්න සැරසෙයි

20 April 2019

බස්නාහිර පළාත් සභාවේ නිල කාලය අදින් (21වැනිදා) අවසන් වීම හේතුවෙන් ප්‍රධාන අමැතිවරයා හා කාර්ය මණ්ඩලය වෙනුවෙන් සමුගැනීමේ සාදයක් පැවැත්වීමට පළාත් පාලන ආයතනවලින් අවම වශයෙන් රුපියල් ලක්ෂ දහයක් එකතු කිරීමට නිලධාරියෙක් කටයුතු කරගෙන යන බව පළාත් සභා ආරංචි මාර්ග සඳහන් කරයි. සමාලෝචන රැස්වීමක් ලෙස හඟවමින් මෙම සමුගැනීමේ සාදය පැවැත්වීමට යන බව හෙළිවී ඇත. බස්නාහිර පළාත් සභාවට අයත් පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් මේ සඳහා අවම වශයෙන් රුපියල් දස දහසක මුදලක් ලබා දෙන්නැයි අදාළ නිලධාරිනිය එම සභාපතිවරයාට දැනුම් දී ඇත. පළාත් සභා නවයෙන් අටක නිල කාලය මේ වන විට අවසන් වෙමින් පවතින අතර ඒවා ආණ්ඩුකාරවරුන් යටතට පත් කිරීමට නියමිතය. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..