brand logo

බස්නාහිර පාසල් විවෘත කිරීම ගැන අධ්‍යාපන - සෞඛ්‍ය සාකච්ඡා අද

20 January 2021

බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින් සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් අතර අද (20දා) සාකච්ඡාවක් පැවැත්වෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය. පෙරේදා (18) රැස්වූ ජනාධිපති කාර්ය සාධක බළකායේදී මේ පිළිබඳ සාකච්ඡා වූ බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය. මෙහිදී ජනාධිපතිවරයා බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරන ලෙස උපදෙස් ලබා දී ඇත. ඒ අනුව බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉදිරි දින කිහිපය තුළ දැනුම්දෙන බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය. වරුණි පෙරමුණ
 

More News..