brand logo

බස්නාහිර පළාත තුළ විශේෂ පොලිස් මෙහෙයුමක්

13 June 2021

  නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධයෙන් පසුගිය පැය 24ක කාලයේ පොලීසිය විසින් පුද්ගලයන් 1,353 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ නිරෝධායන රීතීන් ක්‍රියාත්මක වීම ආරම්භ වූ පසුගිය 2020 වසරේ මාර්තු මස 20 වන දා ට පසුව දිනක දී වැඩිම පිරිසක් අත්අඩංගුවට ගත් අවස්ථාව මෙය බවයි. ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 31,395ක් වෙයි. මේ අතර ඊයේ දිනයේද පළාත් මායිම් සීමා උල්ලංඝනය කිරීමට පැමිණි පිරිසක් යළි හරහා යැවීමට කටයුතු කර තිබූ බවද වාර්තා වෙයි. ඊයේ (12) දිනයේ බස්නාහිර පළාත තුළ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබු බවත්, උදෑසන 10 සිට 12 දක්වාත් සවස 3 සිට 5 දක්වාත් කාලය තුළ එම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති අතර එහිදී පුද්ගලයින් 11,723ක් පරීක්ෂාවට ලක්කර තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කරයි. එහිදී දැඩිව නිරොධායන රීති උල්ලංඝනය කළ 354ක් අත්අඩංගුවට ගෙන ඇත.
 

More News..