brand logo

බස්නාහිර පළාතේ සිදු කළ මෙහෙයුමකදී බිමත් රියදුරන් 305ක් මාට්ටු

10 March 2019

මධ්‍යම රාත්‍රියේ සිට අද අලූයම දක්වා බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකළ විශේෂ රථවාහන මෙහෙයුමකින් බීමත් රියදුරන් 305 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. පොලිස්පතිවරයාගේ විශේෂ නියෝගයකට අනුව මෙම මෙහෙයුම සිදුකර ඇත. සති අන්ත දිනවල මධ්‍යම රාත්‍රියේ සහ අලූයම් කාලයේදී සමාජශාලා මෙන්ම අවන්හල්වලදී මත්පැන් පානය කර රිය ධාවනය කරන සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවට ලද තොරතුරුවලට අනුව මෙම මෙහෙයුම සිදු කර ඇත. එමෙන්ම පෙරේදා දිනයේද බස්නාහිර පළාත තුළ සිදුකළ මෙහෙයුමකදී බීමත් රියදුරන් 222 ක් අත්අඩංගුවට ගැනුනු අතර, පසුගිය දින දෙක තුළ බීමත් රියදුරන් 527 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
 

More News..