brand logo

බස්නාහිර පළාතේ විදුලි කණුවල සහ දුරකථන කණුවල ඇති බැනර් සහ කටවුට් ඉවත් කරන ලෙස නියෝග

26 November 2019

බස්නාහිර පළාතේ මාර්ග දෙපස පිහිටි විදුලි කණුවල සහ දුරකථන කණුවල සවි කර ඇති බැනර් සහ කටවුට් අද පස්වරුව වන විට ඉවත් කරන ලෙස බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පළාතේ සියළුම පොලිස් ස්ථාන වෙත නියෝග කර ඇත. ඒ අනුව අද උදෑසන සිට එම බැනර් සහ කටවුට් කම්කරුවන් ලවා ඉවත් කිරීම සිදුවන බව පොලිස් පරිසර කොට්ඨාශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේය. කොළඹ නගරය පිරිසිදු කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මතය.
 

More News..