brand logo

බස්නාහිර පළාතේ උපකාරක පන්ති ආරම්භය කල් යයි

16 January 2021

උපකාරක පන්ති ආරම්භ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් උපදෙස් නිකුත් කර තිබේ. බස්නාහිර පළාත හැර අනෙක් පළාත්වල ජනවාරි මස 25 වනදා සිට උපකාරක පන්ති පවත්වාගෙන යෑමට අවසර හිමි වී තිබේ. උපකාරක පන්ති අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පමණක් විවෘත කරන ලෙස ඉල්ලා සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශකර තිබේ. පන්තියක උපරිම ළමුන් සංඛ්‍යාව 100ක් හෝ පන්තියක පවතින ආසන සංඛ්‍යාවෙන් සියයට පනහක් වන ආකාරයෙන් අදාළ උපකාරක පන්ති පවත්වාගෙන යා හැකි බවට උපදෙස් නිකුත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ අතර බස්නාහිර පළාතේ උපකාරක පන්ති පැවැත්වීම තවදුරත් ප්‍රමාද වන අතර බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කර සති දෙකකට පමණ පන්ති ආරම්භ කිරීමට අවසර ලබාදීමටයි තීරණය කර ඇත. කිසියම් ප්‍රදේශයක් හුදෙකලා කර හෝ සංචරණය සීමා කර ඇත්නම් එම පළාතේ ඇති උපකාරක පන්ති පැවැත්විය නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම්දෙයි. එමෙන්ම පන්ති සඳහා දිස්ත්‍රික්ක හරහා පැමිණීමට අවසර නොමැති අතර දිස්ත්‍රික්ක තුළ ළමුන්ට සහ ගුරුවරුන්ට පමණක් පන්ති පවත්වාගෙන යාමට හැකියාව පවති.
 

More News..