brand logo

බස්නාහිර පළාතේ ඇතැම් ස්ථානවලට අද තදවැසි

26 December 2018

මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු, බස්නාහිර සහ වයඹ පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. උතුරු-මැද පළාතෙත් ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්ක වලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. ඇතැම් ස්ථානවලට, විශේෂයෙන් මධ්‍යම, සබරගමුව,ඌව සහ දකුණු පළාත්වල මි.මී 100ක පමණ තද වැසි සහ බස්නාහිර පළාතේ ඇතැම්ස්ථාන වලට මි.මී 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි. මේ අතර මඩකළපුව සිට හම්බන්තොට සහ ගාල්ල හරහා මීගමුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. පොතුවිල් සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය, මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 20-35 පමණ වනවා. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශා වෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 15-25 පමණ වනවා.
 

More News..