brand logo

බස්නාහිර පළාත් සභා සභාපති සුනිල් පොදුජන පෙරමුණට

11 July 2019

එක්සත් ජනතා නිදහස් සන්ධනායේ මන්තී‍්‍රවරයෙකුව තේරී පත්ව දැනට බස්නාහිර පළාත් සභාවේ සභාපති ධූරය හොඹවන සුනිල් විජේරත්න මහතා ඊයේ (10) ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තේය. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ දිනවීම සදහා ඉදිරියේදී කැපවී කටයුතු කරන බව ඒ මහතා සදහන් කළේය. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය දිනෙන් දින ජනතාවගෙන් ඈත් වෙමින් පවතින බවද පැවසූ ඒ මහතා, වත්මන් ආණ්ඩුව ජනතාවගෙන් ප‍්‍රතික්ෂේප යන මෙම අවස්තාවේ ජනතාව අපෙක්ෂා කරන්නේ හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යැයි ද වැඩිදුරටත් පැවසීය.
 

More News..