brand logo

බස්නාහිර පළාත් සභාවේ නිල් බලපු මන්ත්‍රීවරුන් තිදෙනා

20 November 2018

බස්නාහිර පළාත් සභාවේ 2019 වසර සදහා වන අයවැය ලේඛනය ඊයේ සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු සභාවේ ඇති පරිගණකයකින් අසභ්‍ය දර්ශන නරඹා ඇති බවට පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසනවා. එම මන්ත්‍රීවරුන් වන්නේ, ගුණසිරි ජයනාත්, සුමිත් සොයිසා සහ කීර්ති කාරියවසම් යන සන්ධාන මන්ත්‍රීවරුන් තිදෙනායි. රුපියල් බිලියන හයකට අධික මුදලක වියදමින් බත්තරමුල්ලේ ඉදිකළ බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ලේ ප්‍රථම සභා රැස්වීමයි ඊයේ මෙලෙස පැවැත් වුණේ. නව ගොඩනැඟිල්ලේ සවිකර තිබූ ටැබ් පරිගණක භාවිත කරමින් මෙම මන්ත්‍රිවරු තිදෙනා මෙලෙස අසැබි දර්ශන නරඹා ඇති බවට පුවත්පත් කිහිපයක් ද අනාවරණය කර තිබුණා. ප්‍රධාන අමාත්‍යවරයා අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් සිටින අතරතුර මන්ත්‍රීවරුන්ගේ මේසයේ සවි කර ඇති ටැබ් පරිගණකයක වීඩියෝවක් වැරදීමකින් ක්‍රියාත්මක වීම හේතුවෙන් සභාවේ කටයුතුවලටද බාධා එල්ල වුණා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවමින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා කියා සිටියේ එම මන්ත්‍රිවරුන් ඉල්ලා අස්විය යුතු බවයි.
 

More News..