brand logo

බස්නාහිරින් සැකකරුවන් 400ක් මාට්ටු

26 September 2020

බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් ගතවූ පැය 24ක කාලය තුළ වි‍ධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 400කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. පුද්ගලයින් 330 දෙනෙකු මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහාත් පුද්ගලයින් 72 දෙනෙකු වෙනත් වැරදිවලට සම්බන්ධවත් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයින් 143 දෙනෙකු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 108 යි මිලිග්‍රෑම් 48 ක් පොලිස් භාරයට ගෙන තිබේ. මේ අතර බොරැල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී කොකේන් ග්‍රෑම් 36 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
 

More News..