brand logo

බස්නාහිරින් පිට ආසාදිතයින් වාර්තාවීම අඩුවෙයි

13 November 2020

බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකටම තවදුරටත් සීමා පැනවිය යුතු බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. එමෙන්ම බස්නාහිර පළාතේ සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ හේතුවෙන් එම පළාතෙන් වාර්තා වන ආසාදිතයන් ගණන අඩුවනු ඇති බවට අපේක්ෂා කරන බව වෛද්‍යවරයා සදහන් කරයි. වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව පැවසුවේ අද (13) පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි. මේ අතර බස්නාහිර පළාතෙන් බැහැර සෙසු දිස්ත්‍රික්කවලින් කොරෝන ආසාදිතයින් වාර්තාවීම අඩු මට්ටමක පවතින බව ඔහු පැවසීය. සැලකිය යුතු ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන්නේ, බස්නාහිර පළාතෙන්, විශේෂයෙන් කොළඹ මහනගර සභා ප්‍රදේශයෙන් බවද වෛද්‍යවරයා සඳහන් කළේය.
 

More News..