brand logo

බස්නාහිරින් පිටව යාමට සිටි 11ක් කොරෝනා රෝගීන්

30 December 2020

    බස්නාහිර පළාතෙන් පිටවයන මගීන් සඳහා අද (30) කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී ආසාදිත පුද්ගලයන් 11 දෙනෙකු හඳුනා ගනු ලැබූ බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. මෙලෙස හඳුනාගත් ආසාදිතයන් ගෙන් කොළඹ නුවර මහා මාර්ගයේ දන්ඕවිට පැවති ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂාවේදී 10 දෙනෙකුත්, කොළඹ කුරුණෑගල මාර්ගයේ හද්දාමුල්ල හන්දිය සිදුකෙරෙන පරීක්ෂණවලදී ආසදිතයකුත් හඳුනාගනු ලැබුවා. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 250ක ප්‍රමාණයක් එම ස්ථාන වලදී සිදුකර තිබෙන අතර හඳුනා ගත් ආසාදිතයන් 11දෙනා අද (30) දිනම රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.
 

More News..