brand logo

බවුන් වන්නට පැමිණි යුවලට වෙච්ච දෙයක්

29 June 2021

පසුගියදා කා අතරත් කතාබහට ලක්වු තිත්තගල්ල බෝ සෙවන භාවනා මධ්‍යස්ථානයේ හිමිවරු හා තරුණ පිරිසක් ඊයේ (28) විහාරස්ථ භුමියේදි ඇති කර ගත් වාග්ප්‍රහාරයක් දුරදිග යාම නිසා ගැටුමක් හටගෙන තිබෙන බව පැවසේ. ගැටුමෙන් තරුණයා පැමිණි වාහනයට දැඩි අලාභ හානි සිදුව ඇති බවට අහංගම පොලිසියට පැමිණිලිකර ඇත. අහංගම පොලිස් වසමේ භාවනා අසපුව වෙත පසුගිය 16 දා ගල්බොරැල්ල කැලණිය ප්‍රදේශයේ පදිංචි යුවලක් පැවිදි වෙන බවට පවසා' එම මධ්‍යස්ථානය වෙත පැමිණ ඇත. එහිදි අරාමය තුල ටික දවසක් බවුන් වඩමින් සිටියදි තරුණයා පැවිදි නොවි නැවත නිවසටයමු යැයි බිරිදට යෝජනාකර ඇත. පසුව යොජනාව බිරිද විසින් ප්‍රතික්ෂේප කිරිම නිසා  25  වන දා  බිරිඳ භාවන අසපුවේ සිටියදි තරුණයා පමණක් නැවත නිවස බල පිටව ගොස් තිබේ. අනතුරුව නැවත මෙම තරුණයා ඔහුගේ සහෝදරයා සමග කාර් රථයකින් තම බිරිද කැන්දන්යාම සදහා ඊයේ (28) පැමිණ ඇත. බිරිඳ නැවත අකමැත්තෙන් නිවස බලා රැගෙන යමට උත්සාහ කිරිමේදි භාවනා අසපුවේ ප්‍රධාන හිමි ඇතුලු පිරිසක් මෙම පුද්ගලයින් දෙදෙනාට පහර දී පැමිණි කාර් රථයටද පහර දි අලාභහානි සිදුකර තිබෙන බව පැවසෙයි. මේ සම්බන්ධව අහංගම පොලිස් ස්ථානයට තරුණයා විසින් කරන ලද පැමිණිල්ල අනුව දෙපාර්ශවය පොලිස් ස්ථානයට ගෙන්වා පැමිණිල්ල විභාග කිරීමේදී' මෙම කාන්තාව තමාට මේ සම්බන්ධව සිතා බැලීමට තවත් සති දෙකක් හෝ තුනක කාලයක් අවංශ්‍ය බවත් එතෙක් අසපුවේ සිට භාවනායෝගිව සිටීමට අවස්ථාව ලබාදෙන ලෙස දෙපාර්ශවයෙන් ඉල්ලිමක් කර ඇත. ඉන් අනතුරුව තමා ගන්නා තීරණය අවසන් තීරණය බව දැනුම් දී තිබේ. මෙහිදී භාවනා අසපුවේ නායක ස්වාමීන් වහන්සේ සඳහන් කර ඇත්තේ ඒ සදහා උන් වහන්සේගේ බලපැමක් නොමැති බවත් මෙම කාන්තාව විසින් ගන්නා තීරණය අනුව මහණ කිරීමට සූදානම් බවත් ඇයට ඒ සම්බන්ධව කිසිදු බලපෑමක් සිදු නොකරන බවත් පවසා ඇත . එබැවින් දෙපාර්ශවයම කාන්තාවගේ ඉල්ලිමට අවස්ථාව ලබාදී සමතයට පත්ව පැමිණිලිකරු තම සහෝදරයා සමඟ නිවසට පිටව ගොස් ඇත . අක්මීමන එච් එම් සමන්
 

More News..