brand logo

බලි නැතිව අලි බලන රටේ ඇප් එකෙන් අලි බලමු

07 August 2019

වල් අලි දුම්රියේ ගැටී සිදුවන මරණ සංඛ්‍යාව අඩු කරන්ට දුම්රිය දෙපාර්තුමේන්තුවේ ඉංජිනේරු ශිල්පිහු නවතම ඇප් එකක් හදුන්නා දෙන්නට පියවර ගෙන ඇති බව දුම්රිය අලි ගැටීම් වැලැක්වීමේ ව්‍යාපෘතියේ ඉංජිනේරු අංශයේ ප්‍රධානී සැලසුම් ඉෂාර පෙරේරා පවසයි. මේ යටතේ දුම්රිය ධාවනය සිදු කරන මාර්ගවල තොරතුරු සිතියම් ගතකොට නවතම තාක්ෂණය යටතේ, දුම්රිය රියදුරන්ගේ ජංගම දුරකථනය හරහා දුම්රිය තාක්ෂණ ශිල්පිහු විසින් රියදුරන් දැනුවත් කරයි. එවිට අදාළ දුම්රිය මාර්ගය තුළ,දුම්රිය මාර්ගය අසළ ගමන් කරන අලියා පිළිබඳව තාක්ෂණය යටතේ,දුම්රිය රියදුරන්ට තොරතුරු ලබා ගත හැකිය. අනුව ක්‍රියාත්මක වන දුම්රිය රියදුරන් තම දුම්රිය මාර්ගයේ ගමන් කරන අලි පිළිබඳව පුර්ව දැනුවත් කිරීමක් ඇති වන නිසා අලි දුම්රිය මරණ ප්‍රමාණය අඩුවන බව දුම්රිය ඉංජිනේරු තාක්ෂණ ශිල්පිහු පවසති. මෙයට අමතරව,දුම්රිය මාර්ග දෙපස පිහිටි ලඳු කැලෑ එළි පෙහෙළි කරන්ට ද, අලින්ට ගමන් කරන්නට හැකි නම මාර්ග සකස් කරන්නට ද,දුම්රිය මාර්ගවල පිහිටි බෝක්කු හා අලි යන මං වශයෙන් විශාල කිරීමට පියවර ගැනීම,දුම්රිය මාර්ග දෙපස අලි ගමන් කරන්නට හැකි පරිදි වැටවල් ඉදිකරන්නට පියවර ගැනීම ද සිදු කරන්නට පියවර ගෙන ඇත. පසුගිය වසර 10 තුළ දුම්රියේ ගැටී මියගිය වල් අලි ගණන 150 ක් පමණ වේ. මෙහි දී මාර්ගවල ගමන් කළ අලි හා අදාළ දුම්රිය මාර්ග හරහා මාරුවන්නට යන අලි මේ ආකාරයට මරණයට පත්ව තිබේ.මෙයට අමතරව,විශාල අලි ප්‍රමාණයක් තුවාල ලබා ඇති අවස්ථාද බොහෝ ය. ඒ පිළිබඳව වාර්තා වන අවස්ථා අඩු බව ඉෂාර පෙරේ‍රා පවසයි. දුම්රියේ ගැටී මිය යන අලි සම්බන්ධව රියදුරන් පවා මානසික ව වැටෙන බව පෙන්වා දිය හැකියි.සමහර අවස්ථාවල තම පැටවා බේරා ගන්නට අලි පැටවා දුම්රිය මාර්ගයට විත් මාර්ගයෙන් ඉවතට තල්ලු කර සිය අලි පැටවා බේරාගෙන අලි අම්මා දුම්රියට බිලි වන අවස්ථා ද තියනවා. අනෙක තමයි අලියා දුම්රියේ වැටී මිය යන වැඩි අවස්ථාවක ඒ ගැබිණි අලි බවද තහවුරු වී තියනවා. අලි හා දුම්රිය ගැටුම් වලදී දුම්රිය මාර්ගවලට දුම්රිය මැදිරිවලට මෙන්ම එංජිත් කට්ටලවලට ද සිදුවන හානිය සිළුපටු නොවේ.පසුගිය වසර කිහිපය තුල දුම්රිය අලි ගැටුම් වලින් පරිසරයට එක්වු තෙල් ගැලුම් ලීටර් ප්‍රමාණය 48 000 ක් පමණ වේ. අලියෙක් දුම්රියක ගැටුණු අවස්ථාවක දුම්රියට මැදිරිවලට දුම්රිය එන්ජිම්වලට හා දුම්රිය මාර්ගයට ද හානි සිදුවෙන ප්‍රවනතාවය වැඩියි.එය ගණන් ගත්තාම අලි දුම්රිය ගැටුම් නිසා දුම්රිය දෙපාර්තමේන්තුව සිදුවන පාඩුව ද ඉතා ඉහළය. නිමල් අල්ගෙවත්ත
 

More News..