brand logo

බලාගාර දෙකක් අක්‍රිය වීමෙන් මෙ.වො. 230 අහිමි වෙයි

13 September 2020

  කැලණිතිස්ස විදුලි බලාගාරයේ යන්ත්‍ර දෙකක් මීට වසරකට පෙර අක්‍රිය වීමෙන් එයින් දෛනිකව නිෂ්පාදනය කළ මෙගාවොට් 165ක විදුලි බලය ජාතික පද්ධතියට අහිමි වී ගොස් ඇත. කැලණිතිස්ස පිහිටි සංයුක්ත චක්‍රීය බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙකෙහි රෝදය මෙසේ අක්‍රිය වී ඇත. මෙගාවොට් 115ක් නිපදවන ගෑස් ටර්බයිනය හා එහි වාෂ්පයෙන් බලගැන්වෙන විදුලි ජනන යන්ත්‍රයෙන්ද මෙගාවොට් පනහක් නිපදවන අතර එහි රොටරයද මෙසේ අක්‍රිය වී තිබේ. පසුව එම රොටර් විදුලි ජනන යන්ත්‍ර දෙකේ රොටර් දෙක ලිහිසි තෙල් කාන්දු වීම හේතුවෙන් අලුත්වැඩියා කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මීට වසරකට පෙර යවා ඇත. පසුව එහි තවත් අලුත්වැඩියාවක් සඳහා එම රොටර් දෙක ඉන්දියාවට එවා ඇතත් මේ වන තෙක් වැඩ අවසන්ව ආපසු එවා නොමෙත. ඉන්දියාවේ පවතින කොවිඩ් 19 වසංගතයට සමග එම උපකරණ අලුත්වැඩියා කර මෙරටට ගෙන්වීම ප්‍රමාද වී ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධනගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ උපකරණ අලුත්වැඩියා කිරීම ප්‍රමාද වී ඇත්තේ ඉන්දියවේ දැඩි ලෙස ව්‍යාප්ත වන කොරෝනා නිසා බවයි. මීට අමතරව නොරොච්චෝලේ පිහිටුවා ඇති විශාලතම සුළං විදුලි බලාගාරයෙන් නිපදවන මෙගාවොට් 65ක් ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කරනු ලබන ට්‍රාන්ස්ෆෝමරය වසරක කාලයක සිට අක්‍රියවීම නිසා එයද ජාතික විදුලි ජනන පද්ධතියට එකතුක කිරීමට නොහැකි වී තිබේ. විදුලි බල මණ්ඩල සේවකයන් පවසන්නේ මෙම ජනන යන්ත්‍ර හා ට්‍රාන්ස්ෆෝමර් අක්‍රිය වීමට ප්‍රධානම හේතුව නිසි පරිදි නඩත්තු නොකිරීම බවයි. චමින්ද සේනාරත්න
 

More News..