brand logo

බලශක්ති ඇමතිගෙන් CIDයට පැමිණිල්ලක්

18 August 2022

ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලියේ අක්‍රමිකතා ගැන විමර්ශනයක්

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර තිබේ. අමාත්‍යවරයා මේ බව අද (18) පස්වරුවේ පැවසීය. ඒ, ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා ඛනිජ තෙල් තොග පර්යන්තය යන ආයතන දෙකේ ප්‍රධාන කටයුතු කීපයක් පිළිබඳව පරීක්‍ෂණයක් කරන ලෙසය. ඉන්ධන ලබාගැනීම, යෝජනා ඇගයීම, ඇණවුම් නොකිරීම, සැපයුම්කරුවන් තෝරාගැනීම සහ බෙදාහැරීමේ අක්‍රමිකතා යන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ඉල්ලා සිටි බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
 

More News..