brand logo

බලපිටිය රෝහලේ වෛද්‍යවරු දෙදෙනෙක් කොවිඩ් ආසාදිතයි

02 February 2021

    බලපිටිය මූලික රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරු දෙදෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ. මේ අනුව වෛද්‍යවරු දෙදෙනාගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් එම රෝහලේම තවත් වෛද්‍යවරු පිරිසක් නිරෝධායනය සඳහා යොමුකර ඇත. ඊයේ (01) දින සිදුකර තිබූ ඇන්ටිජන් පරීක්ෂණ ඔස්සේ අදාළ ආසාදිත වෛද්‍යවරු දෙදෙනා සොයාගෙන තිබේ. බලපිටිය මූලික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ රෝහලේ සාමාන්‍ය ප්‍රතිකාර සේවා පවත්වාගෙන යෑමට පියවරගෙන ඇති අතර හදිසි සැත්කම් ද සිදුකෙරෙන බවකි. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරන්නේ රෝහල් සෞඛ්‍ය කාර්යමණ්ඩල දැඩි කොවිඩ් අවදානමකට මුහුණදී සිටින බවකි.
 

More News..