brand logo

බන්ධනාගාර ID එක පෙන්නා ගිය හයර් එක බන්ධනාගාරයෙන් නවතී

12 April 2020

2015 වර්ශයේ සේවයෙන් ඉවත් වූ බන්ධනාගාර ජේලර්වරයෙක් රාජකාරි හැදුනුපත භාවිතා කරමින් අතුරුගිරියේ සිට කොටපොල දක්වා කුලීගමනක් යමින් සිටියදී කොස්මෝදර පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන මොරවක මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ශිත බන්ධනාගාර ගත කිරීමට මොරවක මහෙස්ත්‍රාත් ශශිකා මිථුනාරච්චි මෙනවිය අද නියෝග කලාය.
මෙසේ අත්අඩංගුවට පත්වුයේ අතුරුගිරියේ පදිංචි හතලිස් හැවිරිදි පුද්ගලයෙකු  වන අතර ඔහු  මහර බන්ධනාගාරයේ නියාමකයෙකු ලෙස කටයුතු කර 2015 වර්ශයේ සේවයෙන් ඉවත්වු පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.
කොටපොල ප්‍රදේශයේ රාත්‍රී මාර්ග සංචාරයේ යෙදුනු පොලිස් නිලධාරින්  පිරිසක්  මාර්ගයේ ගමන් ගන්නා මෝටර් රථයක්  පරීක්ශා කිරීමේදී අතුරුගිරියේ සිට කොටපොල දක්වා බන්ධනාගාරයේ සේවය කරන නිලධාරින් දෙදෙනෙකු ඇරලවීම සඳහා පැමිනි බව පවසා බන්ධනාගාර හැඳුනුම් පතක් ඉදිරිපත් කර ඇත.
එහිදී පොලිස් නිලධාරින් පැමිණි පිරිස වෙන වෙනම ප්‍රශ්න කිරීමේදී පරස්පර අදහස් ප්‍රකාශවීම නිසා පොලිස් ස්ථානයට රැගෙනවිත් වැඩිදුරටත් සොයාබැලීමේදී ඔහු 2015 වර්ශයේ සේවයෙන් ඉවත්වූ පුද්ගලයෙක් බව අනාවරණය වී ඇත.
එහිදි පැමිනි පුද්ගලයින් පවසා ඇත්තේ කිලෝ මීටරයට රුපියල් හැත්තෑවක මුදලක් අය කරමිනි කුළී ගමනක් යාමට පැමිනි බවයි.
අතඩංගුවට ගත් සැකකරු අද (12) මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ශිත බන්ධනාගාර ගත කිරීමට මොරවක මහේස්ත්‍රාත් ශශිකා මිථුනාරච්චි මෙනවිය නියෝග කලාය.
 

More News..