brand logo

බන්ධනාගාර සහ පොලිස් සිරමැදිරි සඳහා නව නීති

24 May 2021

බන්ධනාගාර සහ පොලිස් සිරමැදිරි නිසි ප්‍රමිතියට පවත්වාගෙන යෑමට අදාළව නීති රීති ඇතුළත් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ළඟදීම ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ අලි සබ්රි මහතා සඳහන් කර තිබේ. මේ අනුව මහේස්ත්‍රාත්වරුන්ට එම ප්‍රදේශයන්හි සිර මැදිරි නිරන්තරව පරික්ෂා කිරීමට හැකි වන බවද අධිකරණ ඇමතිවරයා සඳහන් කරයි. මීට අමතරව කෲර වද හිංසා වැළැක්වීමට අදාළ නීතිරීති ද ඇතුළත් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන බවත් සඳහන් කර ඇත. තවද කොරෝනා වසංගත සමයේ ජනතාවට සහන සැලසීමට අදාළව ද පනත් කෙටුම්පතක්' මීළඟ පාර්ලිමේන්තු රැස්වීමට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට අධිකරණ අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
 

More News..