brand logo

බන්ධනාගාර වල තදබදය අඩුකරන්න යයි

09 November 2020

රිමාන්ඩ් බන්ධනාගාර තුල කොවිඩ් පැතිරයාම අවම කිරීම සඳහා තදබදය අඩු කිරීමට අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ඉල්ලීම මත නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත. මේ අනුව නීතිපති, දප්පුල ද ලිවේරා මහතා විසින් සංශෝධනය කරන ලද උපදෙස් සහ මාර්ගෝපදේශ මාලාවක් නිකුත්කර තිබේ. දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගත ඇප දිය හැකි සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙසටත් අනෙක් සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකරන ලෙසත් නීතිපති, දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට දන්වා තිබේ. ඒ බව නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසීය.
 

More News..