brand logo

බන්ධනාගාර වලටම වෙන්වූ විශේෂ පොලිස් ඒකකයක්

16 August 2018

සියළුම බන්ධනාගාර තුල ක්‍රියාත්මක වීම සඳහා බන්ධනාගාර වලටම වෙන්වූ විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවන බව අධිකරණ ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කරයි. ඇමතිවරිය විසින් වැලිකඩ බන්ධනාගාර බුද්ධි අංශය පසුගියදා විසුරුවා හැරීමට කටයුතු කළාය. බුද්ධි අංශ නිලධාරීන් සිරකරුවන්ගේ රහසිගත අපරාධ හා ජාවාරම් වලට සහය දෙන බවට ලැබුණු තොරතුරු හේතුවෙන් එය විසුරුවා හැරීමට තීරණය කල බව ඇමතිනිය කියා සිටියේය. නැවත බුද්ධි අංශය ස්ථාපනය නොකර එහි කාර්යභාරය නව බන්ධනාගාර පොලිස් ඒකකයක් මගින් සිදු කිරීමට තීරණය කර ඇත. බුද්ධි අංශය විසුරුවා හැරීමට කටයුතු කල අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කනක හේරත් මහතා , තලතා ඇමැතිවරියට චෝදනා කරමින් ප්‍රකාශ කළේ බැඳුම්කර වංචාවට සිරගතව සිටින අර්ජුන් අලෝසියස්ගේ දුරකතන සිම්පත් බුද්ධි අංශය මගින් සොයා ගැනීම එය විසුරුවා හැරීමට හේතු වී ඇති බවයි.
 

More News..