brand logo

බන්ධනාගාර රැඳවියන් බැලිමට අවසර

09 August 2020

බන්ධනාගාරගත රැඳවියන් බැලීමට අමුත්තන්ට යළි අවස්ථාව ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිත රැඳවියෙකු හමුවීමත් සමග අමුත්තන්ට රැදවියන් බැලීම සඳහා අවස්ථාව ලබා දීම නතර කෙරුණි. ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබෙන අතර ඒ අනුව ලබන 15 වනදා සිට අමුත්තන්ට එම අවසරය ලබාදීමට දැනට සැලසුම් කර ඇත. කෙසේ වෙතත් එම අවස්ථාව ලබා දෙනු ලබන්නේ සීමාවන්ට යටත්ව බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 

More News..