brand logo

බන්ධනාගාර රැඳවියට නොමිලේ දුරකතන පහසුකම්

15 October 2020

මෙරට පවතින කොවිඩ් 19 තත්වය හේතුවෙන් බන්ධනාගාරගත රැදවියන් හමුවීමට ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට අවස්ථාව අහිමිවී ඇත. එම නිසා රැදවියන්ට බන්ධනාගාරවල සවිකර ඇති පොදු දුරකතන මාර්ගයෙන් සිය නිවෙස්වෙත කතාකිරීමේ අවස්ථාව සලසන ලෙස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ. එම දුරකතන ඇමතුම් මාසයක කාලයක් පුරා නොමිළේ ලබාදීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස අමාත්‍යවරිය විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමෙන්ද ඉල්ලීමක් කර ඇත. ඒ අනුව හෙට(16) දින සිට රැදවියන්ට සිය නිවෙස්වෙත නොමිළේ ඇමතුම් ලබාගැනීමට අවස්ථාව හිමිවනු ඇත. රැදවියන්ට සිය ඥාතීන් සමග සබදතා පවත්වා ගැනීමට නොහැකි වීමෙන් ඔවුන්ගේ මානසික මට්ටම පහත වැටීමට ඉඩ ඇති බැවින් රැදවියන්ට සිය නිවෙස් සමග දුරකතන මගින් හෝ සබදතා පවත්වා ගැනීමට අවස්ථාව සැලසීම මගින් රැදවියන් තුල ඇතිවන ආතතිය යම්තරමකට හෝ අවමකර ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.
 

More News..