brand logo

බන්ධනාගාර බුද්ධි ඒකකය ප්‍රතිසංවිධානයට කැබිනට් අනුමැතිය

02 February 2021

  බන්ධනාගාරවල දැනට පවතින බුද්දි ඒකකය එම කාර්යය සඳහා පමණක් සිමා නොකර සෙසු වගකිවයුතු රාජකාරි සඳහාද යෙදවිය හැකි පරිදි ප්‍රති සංවිධානය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. මේ අනුව සාමාන්‍ය බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකරනු ලබන රාජකාරිවලට අමතරව හඳුනාගත් විශේෂ රාජකාරි පැවරීමට හැකි වන පරිදි, දැනට ක්‍රියාත්මක වන බන්ධනාගාර බුද්ධි ඒකකය, ශ්‍රී ලංකා බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය වශයෙන් ප්‍රතිසංවිධානය සිදුකෙරෙනු ඇති. විශේෂ ගණයේ සිරකරුවන් ආරක්ෂා කිරීම, කැරලි මර්දනය, ආරක්ෂක රාජකාරි සිදුකිරීම වැනි කාර්යයන් සඳහා ද හැකිවන පරිදි ප්‍රතිසංවිධානය සිදුකෙරේ.
 

More News..