brand logo

බන්ධනාගාර පොකුරේ සුව වූ ආසාදිතයන් 4000කට ආසන්නයි

14 January 2021

    බන්ධනාගාර පොකුර ආශ්‍රයෙන් කොවිඩ් ආසාදිතයන් 4274 දෙනෙකු හඳුනාගෙන ඇතිඅතර ඉන් 129 දෙනෙකු බන්ධනාගාර නිලධාරීන් වනවා. එසේම මේවන විට බන්ධනාගාර කොවිඩ් පොකුර ආශ්‍රයෙන් හඳුනාගත් සමස්ත ආසාදිතයින්ගෙන් 4000කට ආසන්න පිරිසක් සුවය ලබා ඇති බව පැවසෙනවා. කෙසේ වෙතත් ඊයේ (13) දිනය වන විට බන්ධනාගාර ආසාදිතයින්ගෙන් 3973 දෙනෙකු සුවය ලබා ඇති අතර මේ වන විට රෝහල් ගතව සිටින ආසාදිතයින් සංඛ්‍යාව 291ක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත. තවද ඊයේ (13) දිනයේ වාර්තාවූ මරණයත් සමග බන්ධනාගාර කොවිඩ් පොකුර ආශ්‍රයෙන් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 08ක් බවට පත්ව තිබේ.
 

More News..